අම්පාර පෞද්ගලික බස් නැවතුමිපලේදී දින 05 ක් වයසැති කුඩා දැරියක් කාන්තාවක් අතට දී මව හොරෙන් පැන ගොස් ඇත. කුඩා දැරිය වඩාගෙන සිටි මව තමන්ට වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා කුඩා දැරිය බස් නැවතුම්පොලේ සිටි වෙනත් කාන්තාවකට දී වැසිකිළි යෑමට එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. පැය භාගයක් යනතුරු ඇය නොපැමිණීම නිසා මේ පිළිබඳව අම්පාර නගරයේ පොලිස් මුරපොලට පැමිණිලි කර ඇත. පසුව අම්පාර පොලීසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පැමිණ මෙම ළමයා අම්පාර රෝහලට ගෙන ගොස් ඇත.