පසුගිය දිනවල ඇතිවූ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 731කට අයත් පුද්ගලයන් 2,667ක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ. නිවාස 383කට හාවි සිදුව තිබෙන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 27කට හානි සිදුව ඇත.
අම්පාර දිස්ත්‍රික්කයට ඇතිවූ තද සුළං තත්ත්වය නිසා පවුල් 566කට අයත් පුද්ගලයන් 2,035ක් ආරක්ෂිත කඳවුරු 04ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 495කට අයත් පුද්ගලයන් 1,743ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 32කට අයත් පුද්ගලයන් 103ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 90කට අයත් පුද්ගලයන් 374ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 76කට අයත් පුද්ලයන් 279ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයන් 52ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 21කට අයත් පුද්ගලයන් 116ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.