2015 වසරේ ගත වූ දින දෙසිය හැට තුන තුළ මෙරට දරුවන්ට සිදු වූ ළමා හිංසන සහ අපයෝජන සම්බන්ධ පැමිණිලි හයදහස් පන්සීයක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපතිනි නටාශා බාලේන්ද්‍රන් මහත්මිය 'අද' ට සඳහන් කළේ එම පැමිණිලි අතර ලිංගික හිංසන, ශාරීරික හා මානසික හිංසන මෙන්ම පාසල් නොයැවීම හා ළමා මෙහෙකාර සේවය පිළිබඳ පැමිණිලි අන්තර්ගතව ඇති බවයි.
එම පැමිණිලි පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම් සහ අධිකරණ ක්‍රියාවලින් මගින් දඬුවම් පැමිණවීම් පිළිබඳව දත්ත නොමැති බව සභාපතිනිය පැවසුවාය.
දරුවන් සම්බන්ධ හිංසනයන් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් මෙන්ම අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින්ද අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බව නටාශා බාලේන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.