බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා වැඩභාරගත් දින සිට මේ දක්වා ගතවූ දින 1750 තුළදී බස්නාහිර පළාත තුළ වර්ජන 236 ක් සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි.
ගතවූ වසර 4 යි මාස 9 ඇතුළතදී හටගත් වර්ජන 200 කටම හේතුවී තිබුණේ අයථා අන්දමින් බලපත්‍ර ලබාදීම යැයි සභාපතිවරයා කීය.මේ නිසා බස්හිමියන්ට රුපියල් කෝටි 4 යි ලක්ෂ 13 ක පාඩුවක් සිදුව තිබුණු බවද හෙතෙම පැවසීය.