උත්සව සමයේදී පාරිභෝගික අධිකාරි පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය දිවයින පුරා ක්රියාත්මක කරන මෙහෙයුම්වලදී දින 14 ක් තුළදී වෙළෙඳුන් 1683 කට එරෙහිව නීතිය ක්රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
නීතිය ක්රියාත්මක කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 45 ක මුදලක් උපයා දී තිබෙන බවත්, සිදුකරන මෙහෙයුම් ඉදිරියේදීත් ක්රියාත්මක කරන බවද එම අධිකාරිය සඳහන් කළේය.
භාණ්ඩ අලෙවි කිරීමේදී ඇති වන ගැටලු සම්බන්ධයෙන් 1977 හෝ 011-7755481 දුරකතනවලට ජනතා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.