නව වසරේ ගතවූ දින 10 ඇතුළත ඩෙංගු රෝගීන් 1000ක් හමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. කෙසේ වෙතත් ගතවූ දින 10 තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ වාර්තා නොමැති බවද එම නිවේදනයේ දැක්වෙයි.
පසුගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඩෙංගු මර්දන ඒකකය ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන්හි සමස්ත වාර්තාවට අනුව පරීක්ෂාවට ලක් කර ඇති මුළු පරිශ්‍ර සංඛ්‍යාව 2,298,003කි. එහිදී මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 12,940කට නඩු පැවරීමට කටයුතු කර තිබේ.