රජයේ දින 100 වැඩ පිළිවෙල යටතේ තම අමාත්‍යාංශය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන බව ක්‍රීඩා හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදි අද (22දා) වැඩ බාර ගනිමින් ප්‍රකාශ කළේය.
එසේම විශේෂයෙන් ඉදිරියේදී ආරම්භවන එක්දින ලෝක කුසලානය සඳහා වැඩි අවධානයක් යොමුකරන බව පැවැසූ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් තමන්ට අයත් රාජකාරී පමණක් කළ යුතු බවයි.
එසේ නොකරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය දෙවැනි පියවර තමන් ගන්නා බවත් නවීන් දිසානායක මහතා පැවැසීය.