ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩ පිළිවෙල යටතේ අද (11දා) කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිතය.
ඊයේ (10දා) නව ජනපති ලෙස දිවුරුම් දීමට නියමිතව තිබුණත් නව ජනපතිවරයා පෙරේදා (09දා) දිවුරුම් දීම නිසා එම පොරොන්දුව ඉටුවිය.
හෙට (12දා) යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා අනෙකුත් පුරවැසි සංවිධානවන නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක කාරක සභාව පත්කිරීමට නියමිතය.