දිගන නගරය යථා තත්ත්වයට පත්කිරීමේ ශ්‍රමදානයක්
නොසන්සුන්තාව හේතුවෙන් විනාශයට පත් මහනුවර දිගන නගරයේ සියලුම ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කිරීමේ මූලික ශ්‍රමදානයක් මහා සංඝරත්නයේ හා ශ්‍රී ලංකා යුද හමුදාව හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මූලිකත්වයෙන් ආරම්භ විය.
විනාශයට පත්ව තිබුණු ආගමික ස්ථාන, ව්‍යාපාර ස්ථාන හා නිවාස පිළිසකර කිරීම සදහා වූ මූලික අදියරක් වශයෙන් මෙම කාර්්‍ය සිදුවිය.
දිගන වාලුකාරාම විහාරයට රැස්වූ පිරිස බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තල්පොත ධම්මජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරය ආරම්භ කළෝය. ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් ප්‍රධාන අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ මූලිකත්වයෙන් දෙසීයකට අධිකව සහභාගීවූ යුද හමුදා නිලධාරීන් දිගන, කෙන්ගල්ල ආදී ප්‍රදේශවල හානියට පත් සියලුම ගොඩනැගිලි පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළේය.
මෙම ගොඩනැගිලි සියල්ල විධිමත් අයුරින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවත් ඒ සදහා වූ ප්‍රථම කාර්යය වශයෙන් කැඩිබිදී ගිය සුන්බුන් සියල්ල ඉවත් කරන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් ප්‍රධාන අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




