මහනුවර, දිගන සිදුවූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී හා ස්වාධින පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට හා ආරක්ෂක අංශවෙතට උපදෙස් දී ඇත.
එමෙන්ම පොලීසියට හා යුධ හමුදාව වෙත උපදෙස් දී තිබෙන්නේ ප්‍රදේශයේ සියලුදෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.
ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලු පාර්ශ්වයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් බවත් ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගතයුතු සියලු පියවර ගන්නා ලෙසද උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.