ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (24දා) ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 160දී නිරෝෂන් දික්වැල්ලගේ දැවී යෑම සිදුවූ අතර ඉන් පසුව ලකුණු 45ක් තුළ ශ්‍රී ලංකා සමස්ත ඉනිමම අවසන් විය. මේ පිළිබදව අචහස් දක්වන ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතාස් පවසන්නේ දික්වැල්ල දැවී ගිය පමණින් අනෙක් ක්‍රීඩකයන් දැවී යෑම අනුමත නොකරන බවයි.
“ ඒක තමයි අංක ඔබට කියන දේ. ඒ ලකුණු සංඛ්‍යාවෙන් පසුව අපි විසින්ම අප පහතට දමා ගත්තා. ඔබට කියන්න බෑ නිරෝෂන් දික්වැල්ල දැවී ගියාම අනෙක් සියල්ලන්ම දැවී යනවා කියා. ඔහු ධනාත්මක පිතිකරුවෙක් ඒ වගේම එය ඔහු එල්ල කරන පහරක්. මට ඔහුව වෙනස් කිරීමට අවශ්‍ය නෑ. මට අවශ්‍ය පිතිකරුවන් තමන්ගේ විදියට ක්‍රීඩා කිරීමටයි. දික්වැල්ල ප්‍රතිවාදී පන්දු යවන්නනට පීඩනයක් ලබාදෙන ක්‍රීඩකයෙක්.”
“ අපි සැලසුම් ක්‍රියාවට නැංවිය යුතුයි. අපේ කඩුලු හයක්ම දැවී ගියේ කෙලින් යොමුකරන පන්දුවවලට. මේ අවස්ථාවේදී අශ්වින් හා ජඩේජා පන්දු යවමින් සිටියේ විකට්ටුවෙන් විකට්ටුවට. එවැනි අවස්ථාවකදී ඔබට සෘජුව යොමුවන පන්දුවකට දැවී යන්න බෑ.”