හැටන්, දික්ඔය රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට මවක් අද (08දා) තුන් නිවුන් දරු උපතක් සිදු කළ බව වෛද්‍ය සුදර්ශන් මහතා පවසයි.
මස්කෙළිය සාමිමලේ ස්ටොක්හොම් තේ වත්තේ පදිංචි පුෂ්පලතා නම් මව විසින් මෙම දරුවන් තිදෙනා බිහිකර තිබේ.ඇයගේ සිවුවන දරු උපත මෙය වන අතර මීට වැඩිමහල් දරුවෝ තිදෙනෙක්ද සිටිති.
මෙවර දරු උපත සඳහා දික්ඔය රෝහලේ නේවාසිකව සිටියදී අද පෙරවරුවේ සිසේරියන් සැත්කමක් මගින් ඇය පිරිමි දරුවන් තිදෙනෙක් බිහිකළ බවත් එම දරුවන් සහ මව නිරෝගීව පසුවන බවත් වෛද්‍ය සුදර්ශන් මහතා වැඩිදුරටත් පැවසීය.
හැටන් - චන්දන ජයවීර