ඉදිරි දින 100 ඇතුළතදී ශ්‍රී ලංකාවේ දැවැන්තම නිවාස වැඩසටහන ආරම්භ කරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශයට අවශ්‍ය ලේකම්වරුන් ඇතුළු අනෙකුත් පත්කිරීම් සිදුකරගෙන යන බවත්, දින දෙක තුනක් ඇතුළත වැඩභාරගෙන තමාගේ කාර්යභාරය දියත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස ඇමතිවරයා වූ සිරිසේන කුරේ මහතා මුණගැසී ආශීර්වාද ලබාගැනීමට තලංගම පිහිටි ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.