දැරණියගලදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියය. ඊයේ (25දා) සවස 7.15ට පමණ මෙම ඝතනය සිදුකර ඇත. ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ නැගණියගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
සැකකරු විසින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ අවුරුදු 4 හා 7 යන වසයේ පසුවන දියණියන් දෙදෙනාට තියුණු ආයුධයෙන් පහරදී ඇත. ඔවුන් කැපුම් තුවාල සහිතව දැරණියගල රෝහලට පසුව අවිස්සාවෙල්ල රෝහලටත් ඇතුළත් කර තිබේ.
මේ අතර එම ඝාතන සිදුවූ ස්ථානයට මීටර් 60ක දුරක ඝාතනය කරන ලද පිරිමි මළ සිරුරක්ද සොයාගත් බව පොලීසිය කියයි.