තනිව තරග කරනවා යැයි කියූ විමල්ගේ දෙබිඩි පිළිවෙතත් හෙළිවුණා
ඌව පළාත තුළ සංවර්ධන කටයුතු සිදුකරන බව පවසමින් දැයට කිරුළ, රටට කිරුළ, පුතුට කිරුළ ආදී ඊනියා වැඩ කිරීම නිසා ඌව පළාතට දුප්පත්කමේ කිරුළත්, රජ පවුලට පොහොසත්කමේ කිරුළත් පලඳාගත් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ඊයේ (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම පක්ෂයේ මහලේකම් මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දිළිඳුභාවය සම්බන්ධයෙන් 2013 වසරේ දර්ශකවලට අනුව මුළු රටේම දුප්පත්කමේ අනුපාතය 6.7% ක් බවයි.
එහෙත් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්කම 12.8කුත්, මොණරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කමේ අනුපාතය 20% වන බවත් මහලේකම්වරයා පවසා සිටියේය.