කොළඹ වරාය නගර (Colombo Port City) ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති නමුත්, මෙතෙක් කරන ලද ඉදිකිරීම්වලට හානි සිදුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාශයේ ලේකම්වරයා විසින් 2015 මාර්තු 20 වැනිදා දින දරමින් නිකුත් කරන ලද ලිපියකින් චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පනි පෞද්. සමාගමට ලිඛිත අවසරය ලබාදී ඇති බව එම සමාගම පවසයි.