දැඩි ආරක්ෂක විවිධිධාන මධ්‍යයේ සිරියානු ජනාධිපතිවරණය නියම කරගත් පරිදිම අද (3දා) දිනයේ ආරම්භ විය.
උදෑසන 7.00 ට ආරම්භ කෙරෙන ඡන්ද විමසීම පැය 12ක කාලයක් පැවැත්වෙන බව එරට මැතිවරණය කාර්යාලය පෙන්වා දෙයි.
සිරියාව තුළ වසර තුනක් පුරා පවතින සිවිල් යුද්ධයෙන් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණය මෙම ජනාධිපතිවරණය වීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ එකී සිවිල් යුද්ධයෙන් දහස ගණනක් සිරියානුවන් මිය ගොස්, තවත් මිලියන ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇති වාතාවරණයකය.
මේ අතර, වත්මන් ජනපති බෂර් අල්-අසාද්ගේ පාලනය යටතේම පැවැත්වෙන මෙවර මැතිවරණයෙන්ද ඔහු නියත ජයක් ලබමින් තෙවැනි වරටද එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇති බව දේශපාලන විචාරකයන් දැනටමත් මත පළ කර තිබේ.
මෙවර මැතිවරණයද ව්‍යාජ මැතිවරණයක් බවට සිරියානු රජය වෙත චෝදනා එල්ල වුවත්, පළමු වතාවට මෙවර ඡන්ද පත්‍රිකාවේ එක් නමකට වැඩි ප්‍රමාණයක් තිබීම සම්බන්ධයෙන් සතුටු විය හැකි බවද ඔවුහු කියති.
ඒ අනුව, මහේර් හජ්ජාර් සහ හස්සාන් අල්-නූරි සෙසු අපේක්ෂකයන් දෙදෙනා ලෙස මෙවර මැතිවරණයේ කරති.. නමුත්, ඔවුන්ට බෂර් අල්-අසාද්ගේ මැතිවරණ ව්‍යාපාරය සමග කරට කර තරග කිරීමේ ශක්තියක් නොමැති බවද ඔවුන්ගේ විශ්වාසයයි.
සිරියානු අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පෙන්වාදෙන පරිදි අද ආරම්භ වූ ජනාධිපතිවරණය වෙනුවෙන් සිරියාව තුළ සහ සිරියාවෙන් පිටත ඡන්දදායකයන් මිලියන 15.8ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටී.
ඒ වෙනුවෙන්, ඡන්ද මධ්‍යස්ථාන 9,600ක් රට පුරා ස්ථාපිත කර ඇති බවත්, විදේශයන්හි සිටින සිරියානුවන්ටද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.