1950 දී ශ්‍රී ලංකාවෙන් කාම්බෝජයට ලබාදී, පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා එරට උඩොං විහාරස්ථානයේදී සොරාගෙන තිබූ, බුදුරදුන්ගේ කේශ, අස්ථි ධාතූන් වහන්සේලා වැඩමකර සිටි රන් කරඬුව සොයාගැනීමට හැකි වූ බව කාම්බෝජ පොලීසිය පවසයි.
කාම්බෝජයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්ත් චන්තරීත් පෙන්වා දෙන පරිදි එරට ෆෙනොම් පෙන්හ් අගනුවරින් සැතපුම් 25ක් පමණ දුරින් කඳුකරයේ පිහිටි පෞරාණික උඩොං විහාරස්ථානයේදී ධාතූන් වහන්සේලා වැඩසිටි රන් කරඬුව සොරාගෙන තිබිණි.
කෙසේ වෙතත්, මාස දෙකකට ආසන්න පොලිස් ලුහුබැඳීම්වලින් පසුව, පසුගිය බ්‍රහස්පතින්දා දකුණුදිග කාම්බෝජයේ තකේඕ පළාතේ නිවෙසක තිබියදී ධාතූන් වහන්සේලා වැඩසිටි රන් කරඬුව සොයාගෙන තිබූ අතර, ඊට සම්බන්ධ පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩසිටි මෙම රන් කරඬුව 2,500 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් 1950 වසරේදී ශ්‍රී ලංකාවේ සිට කාම්බෝජයට වැඩම කරවන ලද්දක් බව ප්‍රංශ පුවත් සේවය පෙන්වා දෙයි.
2002 වසරේදී එවකට කාම්බෝජයේ නොරොදොම් සිහනුක් රජතුමා විසින් එරට අගනුවර වන ෆෙනොම් පෙන්හ් සිට උඩොං විහාරස්ථානය දක්වා සැතපුම් 25ක දුරක් දසදහස් ගණන් ජනතාව රැස්වූ පෙරහරකින් ධාතූන් වහන්සේලා වැඩම කර තිබූ බවද ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් පවසයි.
කරඬුව සොරා ගත් අවස්ථාවේ සිට සොරුන් අල්ලා ගැනීමට දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කරඬුව සොයා ගැනීමට හැකිවු බවත් කාම්බෝජ පොලිස් ප්‍රකාශක කර්ට් චන්තරීත් කියා සිටී.
කාම්බෝජයේ නොම්පෙන් අගනුවරට කිලෝ මීටර් 45 ක් දුරින් කඳුකරයේ පිහිටි උඩොං පෞරාණික විහාරය, ආසියා රටවල බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයකි.කරඬුව සොරා ගැනුණේ විහාරයට එයට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබියදීය.කාම්බෝජය බෞද්ධ රාජ්‍යයකි. එහි ජනගහනයෙන් සියයට 94 ක් බෞද්ධයෝ ය.බුදුන්ගේ කෙස්, දත් සහ අස්ථි අඩංගු එම රන් කරඬුව, 1950 වසරේ ශ්‍රී ලංකාවේ සිට කාම්බේජයට වැඩම කිරීමෙන් පසු, එය පළමුවෙන් තැන්පත් කැරුණේ නොම්පෙන් අගනුවර විහාරස්ථානයක ය.
එය උඩොං විහාරයට වැඩම කෙරුණේ කාම්බෝජයේ හිටපු රජු නොරොදොම් ෂිහනුක්ගේ ප්‍රධානත්වයෙනි. ඒ, 2002 වසරේදීය.