ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිදුවීමේදී පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේ අධිකරණය බවත් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවිසින් නියෝග නොකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරන විටත් සිද්ධියට සම්බන්ධ වූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණ බවත් පොලිස් මූලස්ථානය කියයි.
ඒසේම නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පොලිස්පතිවරයාව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබුණත් පොලිස්පතිවරයා හා වන්නිනායක මහතා අතර දුරකතනයෙන් සංවාදයක් ඇතිව නොතිබුණ බවද පොලිස් මූලස්ථානය පවසයි.

