මහනුවර දළදා මාළිගාවේ ඇසල පෙරහර සඳහා අලිඇතුන්ගේ කිසිම ගැටලුවක් නොමැති බවත්, හීලෑ අලි ඇතුන්ගේ වාර්ෂික බලපත්ර මේ වනතුරු නොලැබීම තුළ සුළු අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබෙන බවත් දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා අදට පැවසීය.
හීලෑ අලින් ලියාපදිංචි කිරීම සඳහා අලි හිමියන් මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා තිබුණද, මේ වනතුරු වාර්ෂික බලපත්ර නොලැබීම හේතුවෙන් දෙපාර්තමේන්තුවෙන් විමසීමට බලාපොරොත්තු බවද දියවඩන නිලමේවරයා පැවසීය.