රුපියල් කෝටි දහයක් වටිනා වාලම්පුරි විකිණීමට තැත් කළ හත්දෙනෙකු මඩකලපුව කල්කුඩාවේදී විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (24දා) අත්අඩංගුවටගෙන තිබේ.
පොතුවිල් පානම සාස්තිරවෙල විශේෂ කාර්ය බළකා භාර නිලධාරී එම්.අයි.ඉබ්රාහීම් මහතා ප්රධානත්වයෙන් හමුදා කණ්ඩායම අදාළ සැකකරුවන් හා වාලම්පුරියද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ, වාලච්චේන හා පොළොන්නරුව යන ප්රදේශවලට අයත් අය බව අනාවරණය වී තිබේ.
මඩකලපුව - ජවුෆර්කාන්