මුදල්මය කරුණක් මත දරුවෙකු පැහැර ගැනීමකට ලක් කළහොත් එය ඇප ලබා දිය නොහැකි වරදක් බවත්, යම් පුද්ගලයෙකු මෙම චෝදනාවට වරදකරුවෙකු වුවහොත් ඔහු වසර 20 ක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේදී දනිදු යශේන් ලංකානාත් දරුවා පැහැර ගැනීමට පැමිණි පිරිසේ මුල්ම සැලැස්ම වී තිබුණේ දරුවාගේ පියා පැහැරගෙන යාම බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ බවද ඒ මහතා 'අද' ට පැවසීය.
එම කටයුත්ත සිදුකර ගැනීමට නොහැකි වූ පසු දරුවා පැහැර ගැනීමට කටයුතු කර තිබෙන බවත්, සැකකරුවන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගත් බවත් ඔහු පවසා සිටියේය.
ඡායාරූප - ගයාන් අමරසිංහ