ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සරණාගතයන් ලෙස පිටත්ව ගොස් සඳුදා දිනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ජාතිකයන්ගේ මවුවරුන්ට සිය දරුවන් සමග මන්දපාම් සරණාගත කඳවුරේ රැඳී සිටීමට අවසරය ලැබී තිබේ.
ශ්‍රී ලංකා ජාතික සරණාගත පිරිස ඉන්දියාවේ දණුෂ්කෝඩිහිදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර, වැඩිහිටියන් චෙන්නායි මධ්‍යම බන්ධනාගාරගත කිරීමටත් දරුවන් පස් දෙනෙක් මන්දපාම් කඳවුරට රැගෙන යාමටත් ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබීය.
කෙසේ නමුත් එම දරුවන් පස්දෙනාගේ මවුවරුන්ට ඇප ලබාදීමට චෙන්නායි අධිකරණයක් කටයුතු කොට තිබේ. ඒ අනුව එම මවුවරුන් මන්දපාම් කඳවුරේ සිය දරුවන් සමග රඳවා තැබීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරන ලදී.
ද හින්දු ඇසුරෙනි