දරුවන් පණ මෙන් සුරකිමු
දරුවන් රැක බලා ගැනීමේදී දෙමව්පියන්ට විශාල වගකීමක් පැවරෙන බවත්, දරුවන් කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටීම, ඔවුන් කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ හැසිරීම් රටා ගැන සෝදිසියෙන් සිටීම, දෙමව්පියන් විසින් පැහැර නොහැරිය යුතු කාර්යභාරයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30දා) ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවති දරුවන් පණ මෙන් සුරකිමු තේමාව යටතේ ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් සංවිධානය කරන ලද විශේෂ දැනුවත් කිරීමේ පාගමන සහ අත්පත්‍රිකා ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජාතික කාර්යභාරය වෙනුවෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් අද පෙරවරු 10ට ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි. ඒ අනුව දීපව්‍යාප්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334 ක තරුණ සේවා නිලධාරීන් මේ සම්බන්ධයෙන් මැදිහත් වූහ.
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
