අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී සහ චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය අද (29දා) දහවල් කොළඹ කලා භවනේ තැන්පත් කර තිබියදී ඒ වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතද සහෝදර කලා කරුවන් වෙතද සිය සාතිශය සංවේගය පළ කර සිටියේ ය.