දඹුලු ලෙන් සිතුවම් සංරක්ෂණය කිරිමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සපුරාලීම සඳහා ප්රමුඛ අවධානය කරන ලෙසත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් දඹුල්ල විහාරස්ථානයේ අමාත්‍යවරයා මේබව පැවසීය. මෙම සංචාරයේදී දඹුල්ල මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලයේ ස්ථාපිත කර ඇති කැන්වස් ච්ත්‍ර ගබඩාව,චිත්‍ර සංරක්ෂණය මධ්‍යස්ථානය සහ කෞතුකාගාරයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.