හෙළ උරුමය නියෝජනය කරමින් දඹුල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ පූජ්‍ය සීගිරියේ ධම්මින්ද හිමියන් හෙළ උරුමයේ ජාතික ප්‍රතිපත්ති තීන්දුවෙන් ඉවත්වෙමින් ඉදිරියේදී ජනපතිට සහයෝගය දෙන බව දඹුල්ල ප්‍රාදේශීය සභා අයවැය ප්රකාශයේදී විශේෂ ප්‍රකාශයක් අද (04දා) නිකුත් කරමින් පැවසූහ.
එහිදී උන්වහන්සේ පවසා සිටියේ, හෙළ උරුමය ජාතික දේශපාලනයේදී ගඟ මැදට ගොස් අත්වැල් අත්හැරියා සේ ක්‍රියාවක් කළ බවයි.