දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවක උපවාසය සිවුවැනි දිනයට අදත් (10දා) ක්‍රියාත්මක වෙයි. පසුගිය දින කිහිපයේදී මෙන්ම අද දිනයේදීත් උපවාසය වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදින්ට ක්‍රීඩාංගණයේ පරිපාලනය විසින් බාධා එල්ල කළේය.
කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගයක් වාර්තා කිරීමට මාධ්‍යවේදින්ට අවස්ථාව ලැබුණි.මේ අතර ක්‍රිකට් සේවක විරෝධයට ඔවුන්ගේ පවුල්හි උදවිදය සහාය දක්වමින් සිටියි. ඔවුන් පිටියට පිට රැඳී සිටිති.
තම ගැටලු සඳහා තවදුරටත් විසදුම් ලබානොදෙන්නේ නම් එය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කරන බව විරෝධතාකරුවෝ පවසති.
සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් සෙවකයන් 11 දෙනෙක් පසුගිය 07 දා සිට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වහළය මත නැගී උපවාසයේ නිරතව සිටිති.