බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහාය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් කොමිසම ඒ මහතාට තරයේ අවවාද කළේය.
අධිකරණය යම් නියෝගයක් දුන් පසුව සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් නීතිඥවරුන් එම අධිකරණයටම කරුණු ඉදිරිපත් නොකරන බව පෙන්වා දුන් බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකුම සඳහන් කළේ, දප්පුල ද ලිවේරා මහතාගේ හැසිරීම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුට තරම් නොවන බවයි.