සම්බුද්ධ තෙමඟුල නිමිත්තෙන් රටපුරා ඊයේ (14දා) දිනයේ පැවැති දන්සල්වලින් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ සොයාබැලීමේදී ස්ථාන 67 කින් නුසුදුසු ආහාර සැපයීමට කටයුතු කිරීම නිසා එම ස්ථාන සියල්ලෙහිම ආහාර ද්‍රව්‍ය ඉවත්කිරීමට කටයුතු කළ බව ඔවුහු පවසති.
ඊයේ දිනයේ ස්ථාන 3048 ක් පරීක්ෂා කිරීමට ලක්කිරීමේදී මෙම ස්ථාන 67 සොයාගත් බවත්, ඊයේ, අද සහ හෙට යන දින තුළදී දන්සල් පැවැත්වීම සඳහා ලියාපදිංචි කිරීම් 4850 සිදුකර තිබෙන බවත් එම සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
දන්සල් පරීක්ෂා කිරීම අද සහ හෙට දිනයන් තුළදීත් සිදුකරන බවත්, ඒ සඳහා කේෂ්ත්‍ර මහජන පරීක්ෂකවරුන් 1450 ක් යොදවා තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.