නවගත්තේගම විදුහලේ සේවය කරමින් සිටියදී දණගැස්වූ ගුරුවරියට මරණ තර්ජන එල්ල කරමින් නිර්නාමික ලිපියක් ලැබී තිබේ. ඇයව දූෂණයට ලක්කර මරාදමන බව එම ලිපියේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරුවරිය දණගැස්වීමේ සිද්ධියේ සිවුවැනි සාක්ෂිකරුව සිට මරණයට පත්වූ පුණ්‍යසේන බණ්ඩාර මහතාගේ සිදුවීමේ පරීක්ෂණ වෙන අතකට යොමුකිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.
ඡායාරූප ගල්ගමුව සංජීව