වත්මන් රජය කිසිවකු ඉදිරියේ දණ නොනමන බවත් ඕනෑම අයෙකුට සවන්දීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. සාධාරණ ඉල්ලීම් යොමුකරන්නේ නම් ඕනෑම අයෙකුට ඒවා ඉටුකර ගැනීමට හැකිතරම් රජය සවන් දුන්නද, තරවටු කිරීමෙන් හෝ බයකිරීමෙන් ඉල්ලීම් දිනාගැනීමට හැකියාවක් නොමැති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඕනෑම දෙයකට මුහුණ දීමට මුහුණ දීමට රජය සුදානම් බවත් මන්ත්‍රීවරයා පැවසුවේ අද(27දා) සිරිකොතේ පැවති මාධ්‍ය හමුවකදීය.