දකුණු පළාතේ කුඩා දරුවන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ වැළදිමෙන් ඉකුත් දෙදින තුළ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
ඉකුත් 25 හා 26 යන දෙදින තුළ මෙම කුඩා දරුවන් දෙදෙනා මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. මියගොස් ඇත්තේ මාස හයක හා අවුරුදු එකහමාරක පමණ වියැති කුඩා දරුවන් දෙදෙනෙකු බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසිය.
මේ වනවිට වෛරස් උණ රෝගි තත්වයෙන් කුඩා දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් දරුවන් නම දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆ්ලුවන්සා හා ඇඩිනෝ හා තවත් වෛරස් කිහිපයක් නිසා ඇතිවු සංකුලතාවයෙන් බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.