දකුණු පළාතේ උණ වසංගතයක් නෙමෙයි
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටින්නේ පවතින තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති අතර,රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ඇති බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කී ඒ මහතා වැඩිදුරටත් ඒ පිළිබඳ කරුණු දක්වමින්,
“දකුණේ පවතින උණ රෝග තත්ත්වය හේතුවෙන් දරුවන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. කරාපිටිය, මාතර යන මහ රෝහල් සහ කඹුරුපිටිය මූලික රෝහල ඇතුළු රෝහල් රැසක රෝගී සත්කාරක සේවා ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයට සහභාගි වී සිටියත් සෑම දිනකම දුරකථනයෙන් කතාකොට මේ පිළිබඳ කරුණු විමසා මගපෙන්වීම ලබාදෙනවා.
දැනට මෙම රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ, ඔක්සිජන් යන්ත්‍ර රෝහල්වලට ලබා දී තිබෙනවා. රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා පාලනය කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ සියලුම පළාත් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර තිබෙනවා. දැනට දකුණු පළාතේ රෝහල්වල රෝගීන් 500-600ක් පමණ ප්‍රතිකාර ලබනවා”යැයිද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


