දකුණු පළාත ආශ්‍රිතව පැතිරයමින් තිබෙනා ඉන්ෆ්ලූවන්සා වසංගත රෝග තත්ත්වය නිසා පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒහෙත් වසංගත රෝග සම්බන්ධයෙන් කටයුතු කරන වසංගත රෝග විද්‍යා ඒකකය තවමත් මුනිවත රකිමින් සිටින බවද එම සංගමයේ ලේකම් වෛදය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේය.
සොටු දියර ගලනවා නම් හෝ කැස්ස හෙම්බිරිස්සාව පවතිනවා නම් එය රෝග ලක්ෂණ විය හැකි බවත් මේ නිසා දකුණු පළාත් ජනතාව පාසල් දරුවන්ට මෙම රෝග ලක්ෂණ තිබේනම් පාසල් යැවීමෙන් වැලකී සිටින ලෙස අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
පාසල් මූලික කර ගනිමින් මෙම රෝගය පැති රයන බවට වාර්තාවන නිසා රෝග ලක්ෂණ සුව වීමෙන් පසු දරුවන් පාසල් යැවීම තුළින් රෝගය පැතිරයාම වලක්වා ගතහැකි බවද පවසා සිටියේය.