එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂක එම්.කේ. කසුන් මහතාගේ ආධාරකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් එම පක්ෂයේ අපේක්ෂක, හිටපු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා බෙලිඅත්ත පොලීසිය විසින් අද (18දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ සන්ධාන ආධාරකරුවන් දෙදෙනෙකු මාතර රෝහලේද, තිදෙනෙකු බෙලිඅත්ත මහ රෝහලේද ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.