දකුණු ආසියානු කලාපයටම අභියෝගයක් වූ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා කලාපයේ සියලු රාජ්‍ය නායකයන් පොදු එකඟතාවකින් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාලදිවයිනේ 50 වැනි ජාතික නිදහස් දින උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට එරටට පැමිණි ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා හමුවූ අවස්ථාවේදී මෙසේ අදහස් දක්වා තිබේ.
තම පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම, විධිමත් දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සේම පරිසර සංරක්ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම අරමුණු වූ බවද, ඒ ඉලක්ක ජයගැනීම සඳහා මූලික වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
අද (26දා) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා සුහදශීලීව පිළිගෙන ඇති අතර, විශේෂ හමුදා උත්තමාචාරයක්ද පවත්වා තිබේ.