දකුණු අප්‍රිකාවට ඓතිහාසික ජයක්
6.15 PM. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර අද පැවැති තුන් වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 83ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට සුළුවේලාව පෙර සමත්විය. වසර 21ක දෙරට අතර එක්දින තරග ඉසිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී පරාජය කර දකුණු අප්‍රිකාව තරගාවලි ජයක් ලැබූ පළමු අවස්තාව මෙය වෙයි.
දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් එල්වූ ලකුණු 340ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ පන්දුවාර 44.3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 257ක් පමණි.
ශ්‍රී ලංකාව 239/6(පන්දුවාර 40.2)
දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 340ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර40.2 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 239 ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 4ක් අතැතිව පන්දුවාර 9.4ක් තුල ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 101ක් අවශ්‍යව ඇත.
නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් හා සචිත්ර සේනානායක නොදැවී 04ක් රැස්කරගෙන සිටියි. මැතිව්ස් අද රැස්කළේ තම 20 වැනි එක්දින අර්ධ ශතකයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසු මුළු ලකුණු 57දී කුසල් ජනිත් (37) දැවී ගිය අතර, ඉන් පසු පිළිවෙළින් ඩිල්ශාන් (30, 2/107), සංගක්කාර (36, 3/113), මහේල ජයවර්ධන (02, 4/113), ළහිරු තිරිමාන්න (22, 5/151), ප්‍රියන්ජන් (30, 6/234) දැවී ගියහ.
ශ්‍රී ලංකාව 179/5(පන්දුවාර 30)
දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 340ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර30 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක් අතැතිව පන්දුවාර 20ක් තුල ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 161ක් අවශ්‍යව ඇත.
නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 21ක් හා අශාන් ප්‍රියන්ජන් නොදැවී 08ක් රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසු මුළු ලකුණු 57දී කුසල් ජනිත් (37) දැවී ගිය අතර, ඉන් පසු පිළිවෙළින් ඩිල්ශාන් (30), සංගක්කාර (36), මහේල ජයවර්ධන (02), ළහිරු තිරිමාන්න (22) දැවී ගියහ.
ශ්‍රී ලංකාව 137/4(පන්දුවාර 20)
දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 340ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 137ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක් අතැතිව පන්දුවාර 30ක් තුල ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 203ක් අවශ්‍යව ඇත.
නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 5ක් හා ළහිරු තිරිමාන්න නොදැවී 11 රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසු මුළු ලකුණු 57දී කුසල් ජනිත් (37) දැවී ගිය අතර, ඉන් පසු පිළිවෙළින් ඩිල්ශාන් (30), සංගක්කාර (36), මහේල ජයවර්ධන (02) දැවී ගියේය.
ශ්‍රී ලංකාව 100/1(පන්දුවාර 10.1)
03.30 PM.දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 340ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 10.1ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 100ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් අතැතිව පන්දුවාර 40ක් තුල ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 240ක් අවශ්‍යව ඇත.
නොදැවී කඩුල්ලේ රැදී සිටින තිලකරන්න ඩිල්ශාන් ලකුණු 25ක් රැස්කරගෙන සිටින අතර, කුමාර් සංගක්කාර ලකුණු 31 රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු 57දී (පන්දුවාර 5.3) කුසල් ජනිත් දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්රහාරත්තම ආරම්භයක් ලබාදුන් කුසල් හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමගින් පන්දු 25කදී ලකුණු 37 රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකාවට ලකුණු 340ක ඉලක්කයක්
දකුණු අප්‍රිකාව 339/5 (පන්දුවාර 50)
01.30 PM. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර සූරියවැවහිදී දැන් පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 339ක් රැස්කිරීමට සමත්විය. මෙම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී කැනඩා කණ්ඩායමට එරෙහිව ලකුණු 332/7ක් රැස්කර තිබුණි.
හෂීම් අම්ලා සමගින් කුයින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් ගොඩනැගුවේය. පළමු කඩුල්ල ලෙස අම්ලා (48) රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ සචිත්ර සේනානායක අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.
එම දැවීයාමෙන් පසු ජැක් කාලිස් එක්වූ අතර, ඔහුට මෙවරද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 4ක් පමණි. රංගන හේරත්ගේ දෙවැනි කඩුල්ල ලෙස කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව කාලිස් දැවී ගියේය.
ඉන් අනතරුව එක්වූ නායක ඒ.බී. ඩිවිලියර්ස්, ආර්ම්භක පිතිකරු ඩි කොක් සමගින් දකුණු අප්‍රිකානු ඉනිම තවදුරටත් රැගෙන යමින් තුන්වැනි කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් ගොඩනගා මුලු ලකුණු 248ක් දක්වා රැගෙන ආවේය. තුන්වැනි කඩුල්ල ලෙස ඩි කොක් ලකුණු 128 රැස්කරගෙන සිටියදී සචිත්රගේ පන්දුවක් හමුවේ හේරත් අතට උඩපන්දුවක් ලබාදී දැවීයාමත් සමඟ එම සබඳතාව බිඳවැටිණ.
දකුණු අප්‍රිකානු ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 108ක් රැස්කරගෙන සිටි ඩිවිලියර්ස් අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ අශාන් ප්‍රියන්ජන් අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. ඒ වන විට ඔවුන් ලකුණු 328/4 රැස්කරගෙන සිටියහ. ඩිවිලියර්ස් අද වාර්තා කරනු ලැබුවේ තම 17 වැනි එක්දින ශකතයයි. එම පන්දුවාරයේදීම ඊලඟ පන්දුව්දී පස්වැනි කඩුල්ල ලෙස දුමිනි (29) මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.
දකුණු අප්‍රිකානු ඉනිම අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැසී සිටි ඩේවිඩ් මිලර් ලකුණු 4ක් හා රයන් මැක්ලරන් නොදැවී ලකුණු 2ක් රැස්කර සිටියහ.
දකුණු අප්‍රිකාව 248/3 (පන්දුවාර 40.3)
12.48 PM.ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර සූරියවැවහිදී දැන් පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 40.3 අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 248ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක ඒ.බී. ඩිවිලියර්ස් ලකුණු 64 රැස්කරගෙන සිටියි. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් දිගු ඉනිමක් ක්‍රීඩාකළ ඩි කොක් ලකුණු 128ක් (පන්දු 127, 4x12, 6x3) මීට සුළු වේලාවකට ප්‍රථම සචිත්ර සේනානායකගේ පන්දුවක් හමුවේ මෙන්ඩික් අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. ඩි කොක් අද වාර්තා කරනු ලැබුවේ තම පසුවැනි එක්දින ශතකය වන අතර, එය ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ පළමු ශතකයද වෙයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරග 18කට ක්‍රීඩාකර ඇති ඔහු මේ දවා ලකුණු 50 කඩයිම පසුකළ සෑම අවස්ථාවකදීම එය ශතකයක් දක්වා රැගොන ගොස් ඇත. ඔහුට අමතරව ඩිවිලියර්ස් අද වාර්තා කළේ තව 38 වැනි එක්දින අර්ධ ශකයයි.
ඩි.කොක් පස්වැනි එක්දින ශතකය වාර්තා කරයි
12.19 PM. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර සූරියවැවහිදී දැන් පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින තරගයේදී තම පසුවැනි එක්දින ශතකය වාර්තා කිරීමට කුයින්ටන් ඩි කොක් මීට සුළුවේලාවකට පෙර සමත්විය. මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු දෙකක් දැවී පන්දුවාර 35 අවසානයේ ලකුණු 192ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින ඒ.බී ඩිවිලියර්ස් ලකුණු 37යි.
කුලේ එළියට රංගන ඇතුලට
9.00 AM ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (12දා) සූරියවැවහිදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාණු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නුවන් කුලසේකර ඉවත්කර කර ඇති අතර, ඒ වෙනුවට රංගන හේරත් කැඳවා ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායමේද එක් වෙනස් කිරීමක් සිදුකර ඇත. වේන් පාර්නෙල් කණ්ඩායමට කැඳවා ඇති අතර, වර්නන් ෆිලැන්ඩර් ඉවත් කර ඇත.
ඡායාරූප - ශාන්ත රත්නායක