දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව සිට දොඩංගොඩ අතරදී කොට්ටාව සිට මාතර බලා ධාවනය වූ වෑන් රථයක් ආරක්ෂක වැටේ ගැටීම හේතුවෙන් සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.තුවාල ලැබූවන් රෝහලට ඇතුලත් කර තිබෙන බව පොලීසිය කියයි. අද (15දා) පෙ.ව. 9.00 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.