රට පාලනය කළ සෑමවිටම රටේ සංවර්ධනය සඳහා දේශීය හා විදේශීය ආයෝජන මත සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවද විදෙස් ආයෝජකයින් හා සංවර්ධනය සඳහා ආධාර කරනු ලබන මුල්‍ය ආයතන මේ වන විට බලා සිටිනුයේ මැතිවරණයකින් පසුව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් බිහිවන තුරු යැයි රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්රජාතන්ත්රිය පාලනය පිළිබඳ අමාත්‍ය කරූ ජයසූරිය මහතා පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් ඒමහතා පවසන්නේ මෙවර මැතිවරණයේ දී ඡන්ද දායකයින් ගන්නා තීරණය රටේ අනාගතය තීරණය කරන්නක් බැව් මැනවින් අවබෝධ කරගත යුතු බවය.
මීළඟ මැතිවරණයේ දී බලය ලබා ගන්නා කණ්ඩායම යනු රටේ ව්‍යවස්ථා ප්රතිසංස්කරණයත්, ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළත්, අධ්‍යාපන ප්රතිසංස්කරණත්, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලියත්, රටේ ජනතාවගේ නිදහස තහවුරු කිරිමේ අභිලාෂය ක්‍රියාවට නංවන පිරිසක් විය යුතු බවත් ඔවුන් රටේ බහුතර ජනතාවගේ විශ්වාසය සහ සහයෝගය දිනාගත හැකි කණ්ඩායමක්ද විය යුතුඉවත් හෙතෙම සදහන් කරයි. මේ මොහොතේ ඒ සඳහා තෝරාගත යුතු හොඳම කණ්ඩායම යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බවද හෙතෙම වැඩිදුරටත් පවසාසිටියි.