තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
කොළඹදී (අද 03දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ලබන ජනවාරි මාසයේදී එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඊට පෙර භාෂා තුනෙන්ම අන්තර්ජාලයට යොමුකර මහජන අදහස් ලබාගැනීමටත්, පළාත් සභාවලට යොමුකර ඔවුන්ගේ අදහස් ලබාගැනීමටත් බලාපොරොත්තු වන බවද හෙතෙම පවසා සිටියේය.