පෙබරවාරි 03දා සිට ක්රියාත්මක වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය ඉතාමත් අවම බව ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය සඳහන් කරයි.
මේ නිසා ජනතාව ඒ පිළිබදව දැනුවත් කිරීම සඳහා WWW.RTIWATCH.LK වෙබ් අඩවිය තුළින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව භාෂා තුනෙන්ම තොරතුරු ලබාගත හැකි බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂක අශෝක ඔබේසේකර මහතා සඳහන් කළේය. මීට අමතරව තොරතුරු දැනගැනීමේ හා එහි ඇති වැදගත්කම පිළිබඳව සමස්ත ජනතාව දැනුවත් කරන බවද පවසා සිටියේය.