ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපතිවරයෙකු වූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උදයකුමාර මහතා සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ත්‍යාගරාජ මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට එක්සත් ජාතිත පක්ෂයට එක්විය.
ලංකා කම්කරු කොංග්‍රසයෙන් මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් වී වැඩිම මනාප ලබාගත් එම්. උදයකුමාර මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය යටතේ දේශපාලනයේ නිරතවන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කෙරිණි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ලෙස අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා කටයුතු කරයි.