එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා පාලින්දනුවර ප්රා‘දේශීය සභා මන්ත්රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට සිදුකළ අමානුෂික පහරදීම තරයේ හෙළාදකින බවත්, එය ශීලාචාර සමාජයකට නොගැළපෙන ඉතා පහත් ක්රියාවක් බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජයග්රහණය සාමකාමීව භුක්තිවිඳින ලෙස කළ ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් නොසලකා හැරීම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට කිසිසේත් නොගැළපෙන ක්රියාවක් බව එම සංවිධානයේ අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වාදෙයි.
පැෆරල් සංවිධානය මෙවැනි නීතිවිරෝධී සහ වීනය විරෝධී ක්රියාවන්හි නිතරවන මහජන නියෝජිතයන්ට එරෙහිව තරාතිරම නොබලා ක්රියාකරන ලෙස ආණ්ඩුවෙන් සහ පොලිස්පතිවරයාගෙන් එම සංවිධානය ඉල්ලා සිටියි.