ගෙවී ගිය වසර හයක කාලය තුළදී තෙල් සංස්ථාව රුපියල් කෝටි 25,000 ක පාඩුවක් ලබා තිබෙන බැවින්, වර්තමානයේදී සෑම දරුවෙකුම ජීවිතය ආරම්භ කරද්දීම තෙල් සංස්ථාවේ පාඩුව වෙනුවෙන් රුපියල් 12,500ක ණයකාරයෙකු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ජනජය වැඩසටහන යටතේ ඊයේ (21දා) කළුවානගම ප්‍ර‘දේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ජාතික නායකවරයා වැඩිදුරටත් පැවසුවේ යම් ව්‍යාපාරයක් බංකොලොත්භාවයට පත්වුවහොත් සිදුකරන්නේ උසාවියට කරුණු වාර්තා කර සමාගම විසුරුවා හැරීමට කටයුතු කිරීම බවත්ය.