කොළොන්නාව තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයන් වරෙන්තුකරුවන් වශයෙන් කැඳවා අධිකරණයට ඉදිරිපත් කිරීමේ දඩයමක් ආරම්භ කර ඇතැයි එජනිස පාර්ලිමේන්තු මන්ත්රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
පොලිස් ඇප මත මුදාහැර සිටින මෙම වෘත්තිය සමිති නායකයන්ට නොදන්වා පොලීසිය වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගැනීම සැලැස්ම වී තිබෙන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
එක පසකින් ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා කැඳවා තිබියදී උදේ වරුවේ වෘත්තිය සමිති නායකයන් පොලිස් අත්අඩංගුවේ පසුවන බව පැවසූ ජයකොඩි මහතා ඛනිජ තෙල් වර්ජනයදා වෘත්තීය සමිති නායකයන්ට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගෙන නැති බවත්, පොලීසියට ඔවුන් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද ඒ මහතා පවසා සිටියේය.