කොළඹින් පිට ප්‍රදේශවල අද (26දා) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව විදුලි බල මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ඉන්ධන සැපයුම අණහිටීම නිසා ඇඹිලිපිටිය හා කෙරවළපිටිය බලාගාරවල කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිටීම හේතුවෙන් විදුලි බල පද්ධතිය සමබරව පවත්වාගෙන යාමට මෙම තීරණයට එළැඹි බවද එම නිලධාරියා පවසා සිටියේය.
මෙම බලාගාර දෙක තුළින් මෙගාවොට් 400 විදුලි ධාරිතාවක් ලබාදුන් බවත්, අද දිනය තුළ ඉන්ධන සැපයීම සිදුනොකළ හොත් දිවයින පුරා පිහිටි සියලුම පෞද්ගලික ඩීසල් බලාගාර නතර කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.