ආණ්ඩුව තෙල් මිල වැඩිකර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය ලබාගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ඒ අනුව මාස දෙකෙන් දෙකට තෙල්මිල වැඩිකිරීමට ආණ්ඩුව එකඟතාව පළකර තිබෙන බවත්, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 856කින් වැඩිවී තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.
රජයේ වියදම් පාලනය කිරීමට නොහැකිවීම නිසා ජාත්‍යන්තර සංවිධාන ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟවී තිබෙන බවත්, මේ වනවිට ඇමති මණ්ඩලය නඩත්තු කිරීමට පමණක් මාසයකට රුපියල් ලක්ෂ 5600ක් වැයකරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද(14දා) පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා මෙම අදහස් දැක්වීය.