පසුගිය මාස කිහිපයේදී ලෝක තෙල් මිල යම් ස්ථාවර මට්ටමකට පැමිණියද මේ වනවිට පවතින අධික සැපයුම හේතුවෙන් තෙල් මිල තවදුරටත් පහළ යා හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ 2016 වසරේදී මෙතෙක් වාර්තා වූ පහළම තෙල් මිල වාර්තා වනු ඇති බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට තෙල් නිෂ්පාදනයේ අධික සැපයුම උකහා ගැනීමට ලෝකයේ තෙල් වෙළෙඳ පොළට නොහැකි බවයි.
පසුගිය වසරේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.115 සිට ඇ.ඩො.45 දක්වා ශීඝ්‍ර ලෙස පහළ වැටුණු අතර, මේ වනවිට එය ඇ.ඩො.59ක සීමාවේ පවතී.