හදිසි ඉන්ධන හිඟයක් ඇතැයි පසුගියදා අසත්‍ය ප්‍රචාරයක් පතුරුවා ජනතාව කලබලයට පත් කිරීමට මුල් වූ තැනැත්තා රජය විසින් හඳුනාගෙන ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.
සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන නැවක් පැමිණීමේදී කිසියම් ප්‍රමාදයක් සිදුවන බවට ලැබුණු පණිවුඩයකින් පසු මෙම ප්‍රචාරය එස්.එම්.එස්. මගින් පතුරුවා හැරියේ ඛනිජ තෙල් සංස්ථාවේ එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සංගම් ප්‍රධානියෙකු බවට මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර තිබේ.
එම ප්‍රචාරය සිදුකොට ජනතාව කලබලයට පත් කිරීම ගැන වහා විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවද වාර්තා වෙයි.
දේශය ඇසුරෙනි